Thursday, September 19, 2013

දරුවන්ගේ නැණ නුවණ පාදන හලාවත විජය විදුහලේ ගුරුවරියගේ අපුරු වැඩක්



දරුවන්ගේ නැණ නුවණ පාදන හලාවත විජය විදුහලේ ගුරුවරියගේ අපුරු වැඩක්
Ò ඇය නමින් ප්‍රියානි රුපිකාය. ජීවත්වන්නේ ආරච්චිකට්ටුව ප්‍රදේශයේය. ඇය වසන නිවසට යාබදව දරුවන් දෙදෙනෙකු සමග තවත් පවුලක් ජීවත් වේ. එම පවුල අදාල ගුරුවරියගේ ඉඩමට ආසන්නව ඇති දුම්රිය රක්ෂිතයට අයත් කොටසේ මාවතක් හරහා වසර 30 කට අධික කාලයක් එහා මෙහා ගිය අතර අදාල නිවස සදහා විදුලිය,ජලය ලබාගෙන ඇත්තේද මෙම මාර්ගය ඔස්සේය. මේ මෑතකදි හදිසියේම අදාල ගුරුවරිය විසින් දුම්රිය රක්ෂිත කොටස කොටුකර වැටක් ඉදිකර ඇති අතර පෙර කී පාරද වැසීමට උත්සහ කර ඇත. අදාල නිවැසියන් විරෝධතාවය පෑම හේතුවෙන් අදාල කාර්යය මේ වන විට නවතා ඇතත් අදාල පාර වසා දමන බවට ප්‍රකාශ කර තිබේ. මෙම ගුරුවරියගේ ස්වාමි පුරුෂයා දැනට ඉතාලියේ සේවය කරන්නෙකි. මෙම සිද්ධි දාමය වන අතර ඇගේ නැගණියක වන කරුක්කුපනේ පවුල් සෞඛ්‍ය සේවිකාව ලෙස කටයුතු කරන ගයානි රන්දිකා යන අය අල්ලපු නිවසේ මෙතෙක් කාලයක් එකිනෙකාට උපකාර කර ගනිමින් සිටි පවුලේ කාන්තාවට සහ දරුවන් දෙදෙනාට සාප කරමින් බැන වැදී ඇත.
Ò ඉහත නම් සදහන් කල දෙදෙනාම දරුවන් වෙනුවෙන් සේවය කරන ගරු කල යුතු අයවළුන් වුවද මෙවන් ක්‍රියාවක් තුලින් ප්‍රදර්ශණය කර ඇත්තේ ඉතාලියෙන් එන මුදල් වල බලයද යන්න ගැටළුවකි. මුදල් හමුවේ මනුස්ස කම අත හැර කටයුතු කරන මෙවන් අය සමාජයට පිලිළයකි. අන් අයට වින කටින මේ ගුරුවරිය අධ්‍යාපනය හදාරන ළමුන්ට ගුණ යහපත්කම් උගන්වන්නේ කෙසේද? අදාල කරුණ ගැන බලධාරින්ගේ දැස් විවර වී  සාධාරනයක් ඉෂ්ඨ කරන්නැයි අවසානයේ ඉල්ලමි.
Ò සටහන: කොයි ලෝ යන්නේ මරණින් පස්සේ පින් පව් එනවා අප පසු පස්සේ.


 

No comments:

Post a Comment